එක් බිඳුවක් ගොවියෙකුට බලාපොරොත්තුවකි. වැවක් යනු ඒ බලාපොරොත්තුව පරම්පරා ගණනාවකට රැගෙන යන ජීවන උරුමයකි. වසර ගණනාවක් තිස්සේ නිසි ජල පහසුකම් නොමැතිව ජලය බලාපොරොත්තුවෙන් සිටි මුලතිව් තන්නීරිට්ටු ගම්මානයේ ජනතාවට අද එම බලාපොරොත්තුව යළිත් දෑස් ඉදිරිපිට මල්ඵල ගන්වමින් තිබේ. ඒ, නීරාවී ඌට්ටුකුලම් වැවට නව ජීවයක් ලබාදීමත් සමඟය.
එය හුදෙක් වැවක් ප්‍රතිසංස්කරණය කිරීමක් පමණක් නොවේ. එය වගාව සහ යහපත් අනාගතයක් අපේක්ෂාවෙන් සිටි ජනතාවගේ බලාපොරොත්තුවකට නව පණක් ලබාදීමකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන "වාරි මහිම – අපේ උරුමය" ජාතික වැඩසටහන මෙරට කෘෂිකාර්මික ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමේ අරමුණින් තවත් වැදගත් පියවරක් ඉදිරියට තබා තිබේ.
ශ්‍රී ලංකාවේ පැරණි වාරි උරුමය ආරක්ෂා කරමින්, ගොවි ජනතාවගේ ආර්ථික හා සමාජීය සවිබල ගැන්වීම සඳහා වැව් හා වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණකි. කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය සිය ප්‍රධාන ජීවනෝපාය කරගත් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ සියලු ආයතනවල සහයෝගයෙන් මෙම වැඩසටහන දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක් පුරා ක්‍රියාත්මක කෙරේ.
මෙම ජාතික වැඩසටහන යටතේ වාරි පද්ධති සංවර්ධනය සඳහා අවධානය යොමු කර ඇති දිස්ත්‍රික්ක අතරින් මුලතිව් දිස්ත්‍රික්කයටද විශේෂ ස්ථානයක් හිමි වේ. වියළි හා අර්ධ ශුෂ්ක දේශගුණික තත්ත්වයන්ගෙන් බලපෑමට ලක්වන මුලතිව් දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය මත රඳා පවතී. එබැවින් ප්‍රදේශයේ ජල සම්පත් සංවර්ධනය කිරීම සහ වාරි පහසුකම් පුළුල් කිරීම ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි. එම අවශ්‍යතාව හඳුනා ගනිමින්, මුලතිව් දිස්ත්‍රික්කයේ තන්නීරිටු ග්‍රාමයේ පිහිටි නීරාවි ඌට්ටුකුලම් වැව සංවර්ධනය කිරීමේ කටයුතු පසුගිය ජූලි මස 01 වැනිදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලකනාදන් මහතා, මුලතිව් දිස්ත්‍රික් ලේකම් උමා මහේෂ්වරන් මහතා, "වාරි මහිම – අපේ උරුමය" ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගී වූහ.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය තවත් එක් වැවක් ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යයකට සීමා නොවී, මුලතිව් ගොවි ජනතාවගේ කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ඔවුන්ගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමටත් සෘජු බලපෑමක් ඇති කරන සංවර්ධන කාර්යයක් බවට පත්වනු ඇත. එමෙන්ම වැව සංවර්ධනය කිරීම මඟින් ප්‍රදේශයේ ජනතාව දිගු කලක් මුහුණ දී සිටින පානීය ජල ගැටලුවටද යම්තාක් දුරට විසඳුම් ලබාදීමට හැකිවීම මෙම ව්‍යාපෘතියේ තවත් වැදගත් ප්‍රතිලාභයකි.
ව්‍යාපෘතිය ආරම්භ කර දින 20ක් ගතවන විට එහි සමස්ත සංවර්ධන කටයුතුවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් සාර්ථකව නිම කිරීමට හැකිව තිබීමද විශේෂත්වයකි. නියමිත කාලසටහනට අනුව ඉදිරි දින 45ක කාලය තුළ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර නීරාවි ඌට්ටුකුලම් වැව ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සංවර්ධන කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය ජූලි මස 20 වැනිදා මුලතිව්, වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්ක සංවර්ධන කටයුතු සභාපති සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, "වාරි මහිම – අපේ උරුමය" වැඩසටහනේ උතුරු හා උතුරු මැද පළාත් අධ්‍යක්ෂ කැනීෂියස් මහතා සහ අදාළ රාජ්‍ය නිලධාරීන් එක්ව නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. එහිදී ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නියමිත කාලසටහනට අනුව කාර්යක්ෂමව, විධිමත්ව සහ ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් "වාරි මහිම – අපේ උරුමය" වැඩසටහනේ ඉංජිනේරු කණ්ඩායම වෙත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමි විය. ව්‍යාපෘතියේ ඉදිරි කටයුතුද නිසි සැලසුමක් සහිතව කඩිනමින් ක්‍රියාත්මක කර ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.
වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණයක් අපේක්ෂාවෙන් සිටි නීරාවි ඌට්ටුකුලම් වැව යළි සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ද සිය ප්‍රසාදය පළ කරති. ඔවුන් පෙන්වා දෙන්නේ වැව සංවර්ධනය කිරීම තුළින් වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සුරක්ෂිත වීම පමණක් නොව, ගොවි පවුල්වල ආදායම් මාර්ග ශක්තිමත් කරමින් ප්‍රදේශයේ සමස්ත ආර්ථිකයට නව ජීවයක් ලැබෙනු ඇති බවයි.
ජලය යනු කෘෂිකර්මාන්තයේ ජීවයයි. වැවක් යනු හුදෙක් ජලය රැස්කරන ස්ථානයක් නොව, ගොවි පවුල්වල අනාගතය, ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකයේ පදනමයි. එම අර්ථයෙන් බලන විට, නීරාවි ඌට්ටුකුලම් වැවට යළි ජීවය ලබාදීම යනු මුලතිව් ජනතාවගේ අනාගතයට නව බලාපොරොත්තුවක් එක් කිරීමකි.
"වාරි මහිම – අපේ උරුමය" ජාතික වැඩසටහන යටතේ සිදුකෙරෙන මෙවැනි වැව් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන කටයුතු හරහා රටේ වාරි උරුමය සුරක්ෂිත කරමින්, වසර ගණනාවක් තිස්සේ ජල ගැටලුවලට මුහුණ දුන් ගොවි ජනතාවට තිරසර විසඳුම් ලබාදීමත්, කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමත්, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමත් අරමුණු කරගනී. නීරාවි ඌට්ටුකුලම් වැව සංවර්ධනය වන්නේ එම අරමුණ සාර්ථක කරා යන තවත් එක් වැදගත් පියවරක් ලෙසය. අද වැවකට ලැබෙන නව ජීවය, හෙට දවසේ ගොවි පවුල් සිය ගණනකගේ ජීවිතවලට නව බලාපොරොත්තුවක් එක් කරනු ඇත.
"Every drop of water is a hope for a farmer. A tank is a living heritage that carries that hope forward for generations." For many years, the people of Thanneerittu village in Mullaitivu have been waiting for reliable water facilities. Today, that long-awaited hope is once again beginning to bear fruit before their eyes, with the revival of the Neeravi Oottukulam Tank.
This is not merely the rehabilitation of a tank. It is the revival of hope among a community that has been looking towards cultivation and a better future.
In line with the vision of President Anura Kumara Dissanayake, and under the guidance of K. D. Lal Kantha, Minister of Agriculture, Livestock, Land and Irrigation, the national "Wari Mahima – Ape Urumaya" programme has taken another important step towards strengthening the livelihoods of Sri Lanka's farming community.
One of the key objectives of this national programme is to rehabilitate tanks and irrigation systems while safeguarding Sri Lanka's ancient irrigation heritage and empowering farming communities economically and socially. The programme is being implemented across several selected districts with the support of the Ministry of Agriculture, Livestock, Land and Irrigation and all institutions affiliated with the Ministry, with the aim of improving the living standards of people whose primary livelihoods depend on agriculture and fisheries.
Among the districts identified for irrigation development under this national programme, Mullaitivu holds a special place. Many people in Mullaitivu, a district affected by dry and semi-arid climatic conditions, depend primarily on agriculture and fisheries for their livelihoods. Therefore, developing local water resources and expanding irrigation facilities are essential to strengthening the livelihoods of the people in the area. Recognizing this need, the development of the Neeravi Oottukulam Tank, located in the Thanneerittu village of Mullaitivu District, commenced on July 1, under the leadership of K. D. Lal Kantha, Minister of Agriculture, Livestock, Land and Irrigation.
The occasion was attended by Aravinda Senarath, Deputy Minister of Lands and Irrigation; Dr. Thilakanathan, Member of Parliament representing Mullaitivu District; Uma Maheshwaran, Mullaitivu District Secretary; Engineer Chandana Edirisuriya, Director of the "Wari Mahima – Ape Urumaya" national programme; along with a number of government officials and distinguished invitees.
Accordingly, this project will go beyond simply rehabilitating another tank. It will become a development initiative with a direct impact on increasing agricultural production among the farming community of Mullaitivu and strengthening their sources of income. Furthermore, the development of the tank is expected to provide a degree of relief to the drinking-water shortage that has affected the people of the area for many years.
Another notable achievement is that, within just 20 days of the commencement of the project, nearly 50 percent of the overall development work had been successfully completed. According to the planned schedule, construction is expected to be completed within the next 45 days, after which the Neeravi Oottukulam Tank is expected to be handed over for the benefit of the people.
To monitor the progress of the development work, Upali Samarasinghe, Deputy Minister of Cooperative Development and Chairman of the District Development Committees for Mullaitivu, Vavuniya and Mannar Districts, together with Mr. Canisius, Director for the Northern and North Central Provinces of the "Wari Mahima – Ape Urumaya" programme, and relevant government officials, conducted an inspection visit on July 20. During the visit, the Deputy Minister commended the engineering team of the "Wari Mahima – Ape Urumaya" programme for implementing the construction work efficiently, systematically and in accordance with the required standards and within the scheduled timeframe. The need to expedite the remaining work according to a proper plan and ensure maximum benefits for the people was also emphasized.
Residents of the area have expressed their appreciation for the redevelopment of the Neeravi Oottukulam Tank, which they have been awaiting for many years. They point out that the project will not only ensure the availability of water required for cultivation but will also strengthen the income of farming families and give new momentum to the overall economy of the area.
Water is the lifeblood of agriculture. A tank is not merely a place where water is stored; it is the foundation of the future of farming families, food security and the rural economy. In this sense, giving new life to the Neeravi Oottukulam Tank means giving the people of Mullaitivu a renewed hope for the future.
Through tank rehabilitation and development projects such as this, implemented under the "Wari Mahima – Ape Urumaya" national programme, the government aims to safeguard the country's irrigation heritage, provide sustainable solutions to farmers who have faced water-related challenges for many years, increase agricultural production and improve the living standards of rural communities. The development of the Neeravi Oottukulam Tank represents another important step towards achieving these objectives. The new life given to a tank today will become a new hope tomorrow for hundreds of farming families and their future generations.
මහවැලි අරුණ යනු "වාරි මහිම අපේ උරුමය" ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන ඇතුළු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නවතම පුවත් සපයන සේවාවකි.