නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
2026 ජූලි 02 වාහල්කඩ - කපුගොල්ලෑව, යාන් ඔය

යාන් ඔය ජලාශය අසල වාහල්කඩ කපුගොල්ලෑව මාර්ගය ජනතා අයිතියට

'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' රජයේ ප්‍රතිපත්තියේ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 'වාරි මහිම අපේ උරුමය' වැඩසටහන මගින් ඉදිකළ යාන් ඔය ජලාශය අසල වාහල්කඩ කපුගොල්ලෑව මාර්ගය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අමාත්‍ය පසු ගිය දා (ජුලි 2) සිදුවිය.

පසුගිය කාලයේ නිවැරදි නඩත්තු කිරීමකින් තොරව ඉතා අබලන්ව පැවති මෙම මාර්ගය දිට්වා සුළි කුණාටුව නිසා ද දැඩි හානියට ලක් විය. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය සඳහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 754.65කි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. දීර්ඝ කාලයක් මාර්ගය අබලන් වී තිබීම නිසාම බස් රථ ධාවනය ද අඩාලව තිබූ අතර මෙම අලුත් වැඩියාවෙන් පසු නව බස් රථයක් යෙදවීම ද මෙහිදී සිදු කරන ලදී.