නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
කඩවත්ගම, මැදවච්චිය, අනුරාධපුර

අනුරාධපුර දිස්ත්‍රික්කය - කඩවත් ගම මහවැව

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දැක්ම අනුව යමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වාරි මහිම අපේ උරුමය වැඩසටහන, එල්ලංගා පද්ධති, කුඩා වැව් ඇතුළත්ව ග්‍රාමීය කෘෂි වාරි පද්ධති ප්‍රතිස්ථාපනය තුළින් සමස්ත ග්‍රාමීය ආර්ථිකය සවි බල ගැන්වීමේ ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවර්ධන කටයුතු සඳහා තෝරාගත් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 60, කඩවත්ගම ග්‍රාම නිළධාරි වසමට අයත් කඩවත්ගම මහ වැවෙහි වර්තමාන තත්වය නිරීක්ෂණ කටයුතු සඳහා වැඩසටහන් කාර්‍ය මණ්ඩලය සහ දේශපාලන නියෝජිතයින් පසු ගිය දා එක් විය.

1972 වර්ෂයේ සිට කිසිඳු නඩත්තු කටයුත්තක් හෝ කිසිඳු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොවූ මෙම වැවෙන් අක්කර 70කට ආසන්න ප්‍රමාණයක වගා කටයුතු සිදු කරයි.