නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
2026 අගෝස්තු 08 හම්බන්තොට

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන "වාරි මහිම – අපේ උරුමය" ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය අගෝස්තු 04 වන දින ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 24.7ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව ගොරගහ වැව ආශ්‍රිත ගොවි ජනතාවට වඩාත් කාර්යක්ෂම හා ස්ථාවර ජල සැපයුමක් ලබාදීම අපේක්ෂා කෙරේ. එමඟින් ප්‍රදේශයේ පළතුරු, එළවළු සහ අතුරු බෝග වගාවන් තවදුරටත් ව්‍යාප්ත කරමින් ගොවි ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

70ac
වැවෙහි ජල ධාරිතාව ඉහළ නැංවීමත් සමඟ අතුරු බෝග වගාව සඳහා භාවිත කළ හැකි භූමි ප්‍රමාණය අක්කර 70ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

එමඟින් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමට මෙන්ම ප්‍රදේශයේ ජල කළමනාකරණය සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමටද දායකත්වයක් සැලසෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා හම්බන්තොට ප්‍රාදේශීය සභාපති සුමිත් කුමාර මහතා, "වාරි මහිම – අපේ උරුමය" වැඩසටහනේ අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා, ප්‍රධාන තාක්ෂණික උපදේශක ඩබ්ලිව්. බී. පලුගස්වැව මහතා, හම්බන්තොට වාරිමාර්ග ඉංජිනේරු ආර්. එම්. ටී. මාලා සමරක්කොඩි මහත්මිය, මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමනාකාර වසන්ත කුමාර මහතා, දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු ඩබ්. ඒ. බී. එස්. ප්‍රදීප් කුමාර මහතා, හම්බන්තොට දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස්තුමන්, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ආර්. පී. ඩබ්. ප්‍රසංගිකා මහත්මිය, අම්බලන්තොට ප්‍රාදේශීය සභාපති විපුල විජේදාස මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ.