නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
කෘෂිකර්ම ප්‍රවෘත්ති
2026 ජූලි 24 ඇඹිලිපිටිය

ගොවි හමුව - ඇඹිලිපිටිය

වැඩිම අස්වනු නෙලා ගැනීමෙන් රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම උදෙසා අමිල මෙහෙවරක් කල ගොවිමහත්ම මහත්මීන් ඇගයීමට හා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිලිවෙල පිලිබඳ ව ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (ජූලි 24) කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ගරු අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී පැවැත්විණි.

මේ සඳහා ජාතික ගොවි සම්මේලනයේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති වෛද්‍ය වසන්ත කුමාරසිරි මැතිතුමන්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ගාමිණි කීර්තිලාල් මැතිතුමන් ඇතුළු දේශපාලන නියෝජිතයින් මෙන්ම රාජ්‍ය නිළධාරින් මහත්ම මහත්මීන්, ගොවි සංවිධාන හා ගොවි ජනතාව නියෝජනය කරමින් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවි මහත්ම මහත්මීන් රැසක් මේ සඳහා එක් විය.