නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
2026 ජූලි 19 මඩුකන්ද, වව්නියාව

වව්නියා බකිණි වවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන "වාරි මහිම අපේ උරුමය" වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ වව්නියා දිස්ත්‍රික් කේන්ද්‍ර කොටගත් වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසු ගිය දා (ජූලි 19) සුබ මොහොතෙන් ආරම්භ කෙරිණි.

ඒ අනුව වව්නියා මඩුකන්ද බකිනි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු, සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ අමාත්‍යවරයාගේ හා මන්නාරම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ජෙගදීශ්වරන්, මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය S තිලකනාදන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා වව්නියා දිස්ත්‍රික් ලේකම් පී.ඒ.සරත්චන්ද්‍ර මහතා, වව්නියා දකුණු ප්‍රාදේශීය සභාපති අමිත් සුදර්ශන මහතා, වව්නියා ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී නිශ්ශංඛ දැරණියගල මහතා, පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂතුමා ඇතුළු ආරාධිතයන් රැසක් ද මේ සඳහා සහභාගී විය.

රුපියල් ලක්ෂ 270 ක මූල්‍ය පිරිවැයක් යොදා ප්‍රතිසංස්කරණය කරන බකිණි වැව මඟින් ප්‍රදේශයේ පවුල් 280 කට ඍජු ප්‍රතිලාභ හිමිවන අතර පවුල් 600 කට අධික ප්‍රමාණයකට වක්‍ර ප්‍රතිලාභ හිමි වේ. මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම මඟින් ගොවි බිම් 480කට අධික ප්‍රමාණයක් අස්වැද්දීමට අවශ්‍ය ජලය සැපයීමත්, ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයට ද පිළිතුරක් සැපයේ.