නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
හලාවත, පුත්තලම

තිඹිල්ල – තලවිල්ල එල්ලංගා පද්ධතියේ වැව් සංවර්ධනය කිරීම

"වාරි මහිම – අපේ උරුමය" ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිඹිල්ල – තලවිල්ල එල්ලංගා පද්ධතියට අයත් වැව් සංවර්ධනය කිරීම සඳහා යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ග්‍රාමීය වාරි උරුමය සුරක්ෂිත කරමින්, එල්ලංගා පද්ධති සහ කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීම තුළින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පාදනය ශක්තිමත් කිරීම සහ ගොවි ජනතාවගේ ජීවනෝපාය නංවාලීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.

ඒ අනුව, තිඹිල්ල – තලවිල්ල එල්ලංගා පද්ධතිය ආශ්‍රිත වැව්වල වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කරමින් ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පසුගියදා සිදු කෙරිණි.