නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
මඩුල්ල, මොනරාගල

අලකොළ ආර වැව - මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කෘෂීකර්මාන්තය සහ ධීවර කර්මාන්තය තම ප්‍රධාන ජීවනෝපාය කරගනිමින් ජීවත් වන මිනිසුන්ට සවියක් වෙමින්, වැව් ප්‍රතිසංස්කරණය කිරීම මූලික කරගනිමින් "වාරි මහිම - අපේ උරුමය" වැඩසටහන කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඒ යටතේ තියෙන සියලූම ආයතනයන්හි පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වේ.

වාරි මහිම අපේ උරුමය වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කිරීම සඳහා සුදුසු වැව් තෝරා ගැනීම වෙනුවෙන් මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලකොළ ආර වැවෙහි මූලික ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු පසුගිය දා වැඩසටහන් කාර්ය මණ්ඩලය සහ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිළධාරීන් එක් ව සිදු කරනු ලැබිණි.