නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
පදවිය, අනුරාධපුර

පදවිය ඌරෑව වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක "වාරි මහිම අපේ උරුමය" ජාතික වැඩසටහනට සමගාමීව පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසේ අයත් උරෑව වැවෙහි සංවර්ධන කටයුතු අද දින ආරම්භ විය. මේ සඳහා අස්ගිරි පාර්ශවයේ උතුරු නැගෙනහිර දෙපළතේ සංගනායක, ගම්මඩු විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සුදම්මනායක ස්වාමීන් වහන්සේ, අරිසිමලෙ ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ, උතුරු නැගෙනහිර දෙපළතේ ප්‍රධාන සංගනායක පූජ්‍ය පනාමුරේ තිලකවංශ ස්වාමීන් වහන්සේ ඇතුළුව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත කුමාර නවරත්න මැතිතුමන්ගෙ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම වැඩසටහන යටතේ ඌරෑව වැවෙහි වාන සහ වැව් බැම්ම සකස් කිරීමටත් වැවෙහි සොරොව් දෙක අලුතින්ම ප්‍රතිසංස්කරණය කිරීමත් සිදු කරයි.

255ac
මේ වන විට මෙම වැවෙන් භූමි අක්කර 75ක් පමණ අස්වැද්දීම සිදු කරන අතර වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිම වීමෙන් පසු එය අක්කර 255ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරයි.

මෙම ක්‍රියාන්විතය සඳහා පදවිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රදීප් ජයලාල් මැතිතුමන්, පදවිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීනි තිළිණි නිසංසලා මහත්මිය, වාරිමහිම අපේ උරුමය ජාතික වැඩසටහනේ ප්‍රධාන තාක්ෂණික නිළධාරි ඉංජිනේරු වසන්ත පළුගස්වැව මහතා, වාරිමහිම අපේ උරුමය උතුරු සහ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ කැනේෂියස් සමරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් සහභාගි විය.