නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
2026 ජූලි 28 පුත්තලම

වාරි මහිම අපේ උරුමය වැඩසටහනෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි සංවර්ධන කටයුතු අරඹයි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන "වාරි මහිම අපේ උරුමය" වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ පුත්තලම දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින්, ඉලක්කට්ටුව සිට ඇරඹෙන එල්ලංගා පද්ධතිවලට අයත් වැව්වලට ජලය රැගෙන යන ආනවිළුන්දාව පෝෂිත ඇළෙහි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද දින (ජූලි 28) සුබ මොහොතෙන් ආරම්භ කෙරුණා.

ඒ සඳහා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමන්, පුත්තලම දිස්ත්‍රික් ප්‍රා. මන්ත්‍රි ආරච්චිකට්ටුව සම්බන්ධීකරණ කමිටු සභාපති අජිත් ගිහාන් මහතා, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපති ජයරත්න ජයසේකර මහතා, වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය ඉංජිනේරු කිත්සිරි වැලිගෙපොළ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් රැසක් සහභාගි විය.

දිට්වා සුළි කුණාටුව නිසාවෙන් එල්ලංගා පද්ධතියට අදාළ ආනවිළුන්දාව, මයියාව, පින්කට්ටිය, මරදන්සෝලේ, වෙල්ලවෙල සහ සුරුවිල යන වැව් හානියට පත් වූ අතර, ඒවායේ සංවර්ධන කටයුතු වාරිමාර්ග දෙපාර්තුමේන්තුව සහ ලෝක බැංකුවේ IWWRMP වැඩසටහනේ ආධාර සහිතව ආරම්භ කර ඇත. වාරි මහිම අපේ උරුමය වැඩසටහනෙන් මෙම එල්ලංගා පද්ධතීන්වලට ජලය ගෙන යන ආනවිලුන්දාව පෝෂිත ඇළෙහි සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි. මෙම සංවර්ධන කටයුතු නිසාවෙන් ඇතිවිය හැකි හදිසි ගංවතුර අවධානමෙන් සිදු විය හැකි හානි අවම කර ගැනිමටද හැකියාව ලැබේ.