නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
කැකිරිඕබඩ

රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ

කැකිරිඕබඩ ජලාශයේ පිටවාන් නිර්මාණය සහ පිටවාන් ඇල ඉදිකිරීමේ කටයුතු පසුගිය දා (ජූලි 30) ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණික අවදානම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන හරහා ලෝක බැංකු මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුළු ආයෝජනය රුපියල් මිලියන 209.5 කි.

5,256
මෙම ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ ප්‍රතිලාභීන් 5,256 දෙනෙකුට සෙත සැලසෙනු ඇත.

එළඹෙන ඔක්තෝබර් 31 වන විට මෙහි ඉදිකිරීම් කටයුතු සාර්ථකව අවසන් කිරීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලමින්, වාරිමාර්ග ක්ෂේත්‍රය ශක්තිමත් කරන මේ සංවර්ධන ගමන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ව්‍යාපෘතිය අරමුණු කරයි.