නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
ජාතික වැඩසටහන් පුවත්
2026 ජූලි 27–31 දිවයින පුරා

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුමට MCB සහ නකල්ස් කාර්‍යමණ්ඩලය එක් වේ

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුමට සමගාමීව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශ‍ය යටතේ තිබෙන මහවැලි උපදේශක කාර්‍යංශය හා දුම්බර හරිත සවිය ව්‍යාපෘතිය / වාරි මහිම අපේ උරුමය ව්‍යාපෘති, කාර්ය මණ්ඩලය සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වූ ප්‍රතිඥාව ලබාදීමේ අවස්තාවට සඳහා එක් විය.

රජයේ ප්‍රමුඛතම අභිලාෂය වන ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මක භාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් රාජ්‍ය සේවයේ ආචාර ධර්ම, වටිනාකම් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ජාතික සුපිළිපන් සතිය - 2026 ජූලි 27 වන දින සිට ජුලි 31 වන දින දක්වා ක්‍රියාත්මක විය.