නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
2026 ජූලි 20 ඔඩ්ඩුසුඩාන්, මුලතිව්

වසර ගණනකට පසු ඔඩ්ඩුසුඩාන් ඔදියමලෙයි වැව ප්‍රතිසංස්කරණයට පියවර

වාරි මහිමය - අපේ උරුමය වැව් 1000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මුලතිව් ඔඩ්ඩුසුඩාන්, ඔදියමලෙයි වැව පිළිසකර කිරීමේ කටයුතු පසුගිය දින(ජූලි 20) ආරම්භ කෙරිණි.

වසර ගණනක් පිළිසකර කිරීමට නොහැකිවීම හේතුවෙන් මෙම වැව විනාශවී යාමේ අවධානමකට ලක් වී තිබුණු අතර ගොවිජනතාව විසින් සිදුකළ ඉල්ලීමකට අනුව වැව කඩිනමින් පිළිසකර කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ විය.

කෘෂිකාර්මික ඒකකවල කෘෂිකාර්මික සශ්‍රීකත්වය සහ ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර මුලතිව් දිස්ත්‍රික්කයේ වැව් දහයක් ප්‍රතිසංස්කරණය කිරීම් සිදුකිරීමට නියමිතය.

වැව ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ගොවිපවුල් 300 අධික පිරිසකට සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ ලැබෙන අතර අක්කර 150 අධික ප්‍රමාණයක් යල මහ කන්න දෙක වගාකිරීමට හැකියාව ලැබේ.

මේ අවස්ථාව සඳහා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.තිලගනාදන්, මහවැලි අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එස්.ඒ.ජි.ටී කැනීසියස් යන මහත්වරුන් ඇතුළු ඔදියමලෙයි ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.