නවතම
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොරගහ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ වැලිගම ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරේ රුපියල් මිලියන 209.5 ක වියදමින් කැකිරිඕබඩ ජලාශය පිටවාන් ඇල ඉදිකිරිම ඇරඹේ නීරාවි ඌට්ටුකුලම් වැවට නව ජීවයක් — මුලතිව් ගොවි ජනතාවට නව බලාපොරොත්තුවක් ත්‍රිකුණාමලයේ ගොවීන් 48 දෙනෙකුට සූර්ය බලයෙන් ක්‍රියාත්මක ස්මාර්ට් වාරිමාර්ග පහසුකම්
වාරිමාර්ග ප්‍රවෘත්ති
2026 ජූලි 19 කනගරායන්කුලම, වවුනියාව

ගොවි පවුල් 300කට සෙත සලසමින් නෛනමඩුව වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරේ

වාරි මහිම - අපේ උරුමය වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ තවත් එක් වැඩසහටනක් පසු ගිය දා (ජූලි 19) වවුනියාව කනගරායන්කුලම ගොවිජන සේවා කොට්ඨාසයේ නෛනමඩුව වැව කේන්ද්‍රකරගනිමින් ආරම්භ කෙරිණ.

රුපියල් මිලියන 45ක වියදමකින් නෛනමඩුව වැව පිළිසකර කිරීම් සිදුකිරීමට නියමිත අතර නෛනමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීම මඟින් ගොවිපවුල් 300 අධික පිරිසකට සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ ලැබේ.

නෛනමඩුව වැවෙන් අක්කර 200 අධික ප්‍රමාණයක් යල මහ කන්න දෙක වගාකිරීමට හැකියාව ද උදාවේ.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.තිලගනාදන්, එම්.ජගදීස්වරන්, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ සරත්චන්ද්‍ර මහතා, මහවැලි අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එස්.ඒ.ජි.ටී කැනීසියස් මහතා, දිස්ත්‍රික් කළමනාකරු ඉංජිනේරු ‍පසිඳු අමරසිංහ යන මහත්වරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.